බන්ධනාගාර නියාමකවරිය මරන්න කොන්ත්‍රාත්තුවක් දුන් ජේලර්වරිය

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

අපරාධයක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින කාන්තා රැදවියෙක්ට සැකකාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙනවා.

බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සදහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට එම කාන්තා රැදවිය විසින් වෙනත් කාන්තාවකට පවසා තිබෙනවා.

ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දී ඇති බවයි පොලිසිය පවසන්නේ.