බදුල්ල දිස්ත්‍රික්කය තුළ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් සංඛ්‍යාව වැඩි වී ඇතිබව ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසන්නීය . බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ (6) පැවති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව පැවසූවාය .
එවැනි තත්ත්වයන්ට මුහුණදෙන ලාබාල තරුණියන්ට දැඩි රැකවරණයක් අවශ්‍යමුත් ඒ සඳහා නිසි ස්ථානයක් නොමැති බවත්, බදුල්ලේ නව ප්‍රවණතාවය ලෙස සයිබර් හිංසනය ඉහළ ගොස් ඇති බවත්ෙම වැඩ සටහනේදී වාර්තා විය.
මේ අතර මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ, දෙමව්පියන් විසින් දරුවන්ට පහරදීම් වැඩිම සිදුවනනේ බදුල්ලේ බවය. කෙසේ නමුත් ලංකාවේ වැඩිම ළමා අපරාධ සිදුවෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයෙන් බව ඇමතිනිය මෙන්වා දුන්නාය.