බදු නිසා කෙන්යාවේ මැතිසභයට ගිනි(VIDEO)

කෙන්යාවේ බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව ක්‍රියාත්මක විශාල උද්ඝෝෂණ රැල්ල අතරේ නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවයි.

ඉන් උද්ඝෝෂකයින් පස් දෙනෙක් මියගොස් තිබෙනවා.

කෙන්යා රජය හඳුන්වා දුන් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න වූ අතර දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එක් කොටසකට ගිනි තබා තිබුණා.

කෙන්යාවේ පාර්ලිමේන්තුව, ගොඩනැගිලි සමූහයක එකතුවකි.

ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!