පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 3000 ක වැටුප් වැඩිවීමක් .

2026 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ගෙවිය යුතු අවම මාසික වේතනය රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත .

කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මීට පෙර රුපියල් 27,000 ක් ලෙස පැවති අවම මාසික වැටුප මෙලෙස රුපියල් 3,000 කින් ඉහළ නංවා ඇති බවයි.

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධානවලට අනුකූලව මෙම වැටුප් වර්ධනය සිදු කළ බව එම නිවේදනයේ දැක්වෙයි .