මහ බංකුව අනුව යමින් පොලී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි . මහ බැංකුව පොලී අනුපාත අනුව යමින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පොලී අනුපාත පහත දැමිය යුතු බවත්, එසේ නොකරන නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලා ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
රාජ්‍ය ආදායම් ඉහළ නැංවා ගැනීම පිළිබඳ වාර්තාව ලබන 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙන බවත්, රජයට ආදායම් උපයා දෙන ආයතන සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කරනා බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම
තව දුරටත් ජනතාව වෙත කිසිදු නව බදු බරක් ඇති නොකරමින් ආදායම් කළමනාකරණය කිරීම පිළිබඳ යෝජනා ගණනාවක් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ පැවැති උත්සවයට එක් වෙමිනි.