එළඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර පවතින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් රජය ගොවීන් නොමඟ යැවීමට කටයුතු කරනා බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි .
අනුරාධපුර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, පොහොර සංචිත පිළිබඳ සත්‍ය තත්ත්වය ගොවි ජනතාවට වහාම හෙළි කළ යුතු බවයි. අසත්‍ය ප්‍රකාශ මගින් ගොවීන් අපහසුතාවයට පත් කළහොත්, ඊට එරෙහිව මාලිමා දේශපාලන නායකයින්ගේ නිවාස වටලෑමට ගොවි ජනතාව පෙළඹිය හැකි බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවූයේය .