පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි.

උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය.

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *