පොලිස්පති ආරක්ෂක ලේකම්ව හමු වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුව තිබෙනවා.

තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් වීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාවයි.

මෙහි දී දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු වූ අතර ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් නව පොලිස්පතිවරයාට සුබ පැතුම් ද එක් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!