පොලිස් ඇමති විශ්ව විද්‍යාල ආචාර්යවරු හමුවෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් එහිදී හමු වී ඇත.

එහිදී විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාරවල ආරක්ෂාව, සරසවි ආශ්‍රීතව පවතින අයිස් වැනි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ආදි ගැටලු රැස්වීමක් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු වූ බව වාර්තා වේ.

ඒ අනුව එම ගැටලු නිරාකරණය සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේන බව ද වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *