පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රියේ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පිරිසක් විසින් මීගමුව ප්‍රදේශයේදී අද(30) මෝටර් රථයකට වෙඩිතබා ඇතිබව වාර්තාවේ .

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින බවට සැකපිට මෙම මෝටර් රථයකට වෙඩි තැබූ බවත්, එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ. මෙම සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ද තුවාල ලබා ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ට ආසන්න ප්‍රමාණයක් පොලිසිි විසින් අත්අඩංගුවට ගෙන තිබෙ.