පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු පීඨයට කොටි ප්‍රහාරයක් .

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්ස්‍රය තුළ කොටි කිහිපදෙනෙක් වාර්තා වීම නිසා එහි නොසන්සුන් තාවයක් හටගෙන ඇත . ඒ අනුව එහු සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත නිවේදනයක් නිකුත් කර ඇතිබව වාර්තා වේ .

උපකුලපති කාර්යාලය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර නිවේදනයකට අනුව පසුගියදා පැවැති විශ්ව විද්‍යාල ආරක්ෂක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත .

එම නිවේදනයේ සඳහන් වන්නේ විශ්ව විද්‍යාලයේ ස්ථාන කිහිපයක කොටි දැක ඇති බවත් පශු වෛද්‍ය ගොවිපොලෙහි සතුන්ට පහරදීම් ගණනාවක් ද වාර්තා වී ඇති බවත්ය.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විශ්ව විද්‍යාල පරිපාලනය සියලුම සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත .

ඒ අනුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ගමන් කිරීමේ දී සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් එහිදී විශ්ව විද්‍යාල පරිපාලනය සඳහන් කර ඇත. විශ්ව විද්‍යාල ප්‍රජාවේ සාමාජිකයන්ට අලුයම, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනිව ඇවිදීමෙන් වළකින ලෙසද එම නිවේදනයේ සඳහන් වෙයි .

විශ්ව විද්‍යාල පරිපාලනය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දිවියන් දුටුවහොත් වහාම විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට වාර්තා කරන ලෙසයි.

කෙසේවෙතත් පරිසර වේදීන් පෙන්වා දෙන්නේ කොටියා මිනිසුන් කෙරෙහි ආක්‍රමණශීලී නොවනා සත්ත්ව කොටසක් බවයි . ස්වාභාවික පාරිසරයේ සිය ආහාර දුලබවීම කේතුකොට ගෙන දිවියා ආහාර සිය මිනිස් වාසයට එනබවය .