පෙරහැර කරන්න රොබෝ අලියෙක්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රීක්කයේ ඉරිංජාදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිලේ බලධාරීන් විසින් තම කෝවිලේ චාරිත්‍රවාරිත්‍ර පැවැත්වීම සඳහා යාන්ත්‍රික අලියකු හඳුන්වා දී තිබේ.

මෙම ආකෘතිය People for Ethical Treatment of Animals (PETA) ඉන්දියාවේ සහ නිළි Parvathy Thiruvothu විසින් පරිත්‍යාග කර ඇති අතර මෙම අලි ආකෘතිය අඩි 11 (මීටර් 3.3) උස, කිලෝග්‍රෑම් 800 (රාත්තල් 1763.7) බරින් යුක්ත වන අතර එය යකඩ රාමුවකින් සාදා තිබේ.

ඕනෑ ම උත්සවයක් සඳහා සජීවි සතුන් භාවිත කිරීම නැවැත්වීම යන (PETA) සංවිධානයේ ප්‍රතිඥාව පාදක කර ගනිමින් සතුන්ට එරෙහි අපයෝජනයන් නැවැත්වීමට සහ සතුන්ට නිදහස් හා ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට ඉඩ දීම සඳහා වඩාත් ශක්තිමත් සහ වඩාත් ඵලදායී පියවරක් වශයෙන් මෙම කාර්යය සිදු කර තිබේ.

කෘෘරත්වයෙන් තොර ව ආගමික් හා සංස්කෘතික උත්සව පැවැත්වීමට මෙම උත්සාහය උපකාර වනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරයි.

එසේ ම පෙරහැර ඇතුළු විවිධ සංස්කෘතික උත්සවවලදී සජීවී අලි ඇතුන් අධික ඝෝෂාකාරී ශබ්දවලට ලක් කිරීම අතිශයින් ම කුරිරු බවත්, ඉරිංජාදප්පිලි ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිලේ බලධාරීන් පූර්වාදර්ශයට ගනිමින් ජීවමාන යාන්ත්‍රික අලි ඇතුන් වෙත මාරු වන ලෙස ප්‍රාන්තයේ සියලුම විහාරස්ථානවලින් ඉල්ලා සිටින බවත් (PETA) සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෝවිලේ පූජක රාජ්කුමාර් නාම්බූතිරි ප්‍රකාශ කර ඇත්තේ තමන් ඇතුළු බලධාරීන් මෙම යාන්ත්‍රික ඇතා ලැබීම සම්බන්ධයෙන් අතිශයින් ම සතුටට පත් ව සිටින බවත්, අනෙකුත් කෝවිල් ඇතුළු ආගමික් සිද්ධස්ථාන ද ජීවමාන අලි ඇතුන් වෙනුවට යාන්ත්‍රික හෝ රොබෝ අලි ඇතුන් සිය චාරිත්‍ර වාරිත්‍ර සඳහා යොදා ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *