පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනා පෙත්සමේ විභාගයට පෙනී සිටිම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ සිටියහ.

මෙම චෝදනාවලට අදාළව ජුජිත් ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය. එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම අද(04) විභාගයට ගැනීමට නියමිත අතර පුජිත් ජයසුන්දර මහතාට අමතරට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය දා තීරණය කළේය.

එම නියෝගය බලරහිත කරන ලෙස නීතිපතිවරයා අභියචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *