ඊයේ රත්‍රී මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපක 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . මෙම භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව නිස්චිතව වාර් නොවෙතත් 10 කට ආසන්න ගනනක් ඉන් මිය යන්නට අතැයි විශ්වාස කෙරේ.
විපතට පත්වූවන් අතර පැසිපන්දු තරගයක් නරඹමින් සිටි ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක්ද සිටිනා බව පිලිපීන රතු කුරුස සංවිධානයේ සභාපති රිචඩ් ගෝර්ඩන් පවසා ඇත . සැන් රෙමිජියෝ නගරයේ සිදු වූ එම අනතුරෙන් ක්‍රීඩා සංකීර්ණයක් කඩා වැටීමෙන් පිලිපීන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයින් තිදෙනෙකු සහ ගිනි නිවන භටයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය බව ඔහු තහවුරු කරයි .
භූමිකම්පාවෙන් පසු සෙබු පළාතේ සාප්පු සංකීර්ණයක ගින්නක් ඇති වූ ආකාරය සමාජ මාධ්‍ය හී පලවූ වීඩියෝවකින් තහවුරු කරගත හැකි විය. හානියට පත් දේපළ අතර ප්‍රකට මැක්ඩොනල්ඩ්ස් ආයතයද ඇති බව වාර්තා වේ. භූමිකම්පාව ආරම්භ වන සෙබු හී පැවත්වෙමින් තිබූ 2025 ආසියානු පැසිපික් රූ රැජිණ තරගයේ තරගකාරියන් ගොඩනැගිල්ලෙන් පලායනු සමාජ මාධ්‍යහී සංසරනය වන වීඩියෝ මගින් දැකගත හැක .
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, පිලිපීනයේ පැලොම්පොන් සිට බටහිරට සහ සෙබු පළාතේ බෝගෝ නගරයට ආසන්නව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6) පමණ ජලය යට පිහිටා ඇත.
පිලිපීනය ලෝකයේ ගිනි කඳු වලින් අඩකට වඩා සත්කාරකත්වය දරන පැසිෆික් සාගරය වටා සැතපුම් 25,000 (කිලෝමීටර් 40,000) ක භූ කම්පන රේඛා චාපයක් වන ගිනි වළල්ල දිගේ පිහිටා ඇත.
2022 දී, රටේ වඩාත්ම ජනාකීර්ණ දූපත වන උතුරු ලුසොන් හි 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් අවම වශයෙන් පස් දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 2019 දී, ලුසොන්හි ද ඇති වූ 6.1 ක ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් 11 දෙනෙකු මිය ගියේය