පිරමීඩ ප්‍රචාරය කරන්නන් වරෙන්තු නැතුව අත්අඩංගුවට ගැනීමට අවසර

නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රම වලට ජනතාව පොළඹවන්නන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එවන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද, එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රම නීත්‍යානුකූල ඒවා බව හුවා දැක්වීම සඳහා විවිධ උපක්‍රම යොදමින් ඇති බව නිරීක්ෂණය වන බව ද මහ බැංකුව මගින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

මෙම පිරමීඩ ක‍්‍රම වෙනුවෙන් පෙනී සිටින්නන් සම්බන්ධයෙන් මහජනතාව විසින් මහ බැංකුවට පැමිණිලි කර ඇති බවත්, ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කරන මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *