පියාගේ වියෝව ගැන මාධවී ඇන්තනි කී දුක්බර කතාව.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි ගේ අභාවය පිළිබඳව ඔහුගේ එකම දියණිය වූ මාධවී ඇන්තනි සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබා ඇත.

එම සටහන පහත පරිදි වේ.

“මහ වනේ.. අන්තරා බෝමයි හැම කාලේ
මේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේ
අන විනේ කොයිබදැයි නොදන්නා හේඩාවේ
තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ

හැන්දෑව පුරන්නට ඉර යන්ට ඕනේ නෑ
මද්දහනත් අන්ධයි හිත ඇතුලේ මගේ
කලිකාල පහු කරං මං එන්නෙ මේ පාරේ
උඹෙ පියවර පස්සෙන්මයි සංසාරේ

තව්තිසාවෙ ඉඳන් ඇවිදින් අපිව රැකපාං අප්පුච්චේ..

  • ජැක්සන් ඇන්තනී (2016)”

වසර කීපයකට පෙර සිය පියා විසින් ලියූ සටහනක් ඇය මෙලෙස සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර පියාගේ අභාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *