පාසැල් ප්‍රවාහන බස් රථ ගාස්තු ඉහළ නංවයි .

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු පැවසුවේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බවය.

එහෙත් ඊයේ සිදුකළ රුපියල් 22 ක මිල සංශෝධනය හමුවේ තව දුරටත් පැරණි මිලටම සිය සේවාවන් පවත්වාගෙන යා නොහැකි බැවින් මෙම මිල සංශෝධනය සිදුකිරීමට සිදුව ඇතිබව ඔහු සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මෙලෙස පැවසීය .

”නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්.. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට.. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500කින් ගාස්තුව වැඩි වෙනවා… ”