පාසැල් කාලය දිගු කිරීම ගැන අගමැතිනිය රහසක් එළිකරයි .

පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමේ තීරණය ගනු ලැබුවේ වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය පැවසූවාය .

කෙසේවෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම පිළිබඳව අදහස් දක්වන විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසන්නේ ආණ්ඩුව මෙම තීරණයට එළඹ ඇත්තේ කිසිදු කරුණු අධ්‍යයනයකින් තොරව බවයි .

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව පැවසුවේ, ආණ්ඩුව එම තීරණය ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු බවය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පැවසුවේ, අදාළ තීරණය සම්බන්ධයෙන් පැවැත්වු සාකච්ඡාවලදී මේ දක්වා කිසිදු එකඟතාවක් තම සංගම් පළ කර නොමැති බවය.

කෙසේවෙතත් පාසල් වේලාව වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය අචාර්යය හරිනි අමරසූරිය ‍පැවසූවේ

මේ අවුරුද්ද පුරාම වෘත්තීය සමිති එක්ක සාකච්ඡා සහ සංවාද කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එලඹි බවය .