ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පාසලක ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව ඇත . එම තාප්පයට යටවී තුවාල ලද එක් සිසුවියක මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. එම අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් පස් දෙනකු රෝහල් ගත කර ඇත. ඔවුන් පළමු ශ්‍රේණියේ වයස අවුරුදු 6 යේ දරුවන් බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් 5දෙනකු ජාතික රෝහල වෙත හා එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.