පාස්පෝ‍ර් ට් කන්තෝරුවේ මළ සිරුරක්

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිස් ආඑඅංචි මාර්ග පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පිරිසිදු අංශයට සම්බන්ධව සේවය කළ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මරණකරුගේ වයස අවුරුදු 73 ක් පමණ වන බවත්, මරණයට හේතුව වාර්තාවී නැති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *