ඊයේ දිනයේ (12) බිඳවැටුන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිඝණක දත්ත පද්ධතිය අද (13) දින වන විට සම්පූර්ණයෙන්ම නිවැරදි කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එම බිඳ වැටීම නිසා ඊයේ දිනයේ දී විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම අත්හිටවන ලදි . එමෙන්ම එම බිඳවැටීම යථා තත්ත්වයට පත්කර සේවා ආඅරම්භ කිරීම 16 වන සඳුදා තෙක් කල්‍යනු ඇතැයි දෙපාර්තමේන්තුව මුලින් අපේක්ෂා කළේය. ඒ අනුව අද දිනයේ සේවා ලබා ගැනීමට නොපැමිණෙන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් දෙපාර්තමේන්තුවට පුද්ගලිකව පැමිණීමට පෙර 1962 ක්ෂණික ඇමතුම් අංකයට අමතන ලෙස දෙපාර්තමේන්තුවේ මහජනතාවගෙන් ඉලා සිටී.