පාර්ලිමේන්තුවට විදුලි සබඳතා 12 ක්. මාසික විදුලි බිල රුපියල් කෝටිය ඉක්මවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලි සබඳතා 12 ක් ඔස්සේ ලබාගෙන ඇති විදුලිය වෙනුවෙන් මාසිකව ගෙවනා විදුලි බිල රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂය ඉක්මවනා බව වාර්තා වෙයි.

තොරතුරු දැනගැනීමේ පණත යටතේ කළ ඉල්ලීමකට අනුව එහි තොරතුරු නිළධාරී වීසින් ලබාදුන් විස්තර අනුව පසුගිය මැයි මාසයේ එකී සබඳතා 12 වෙනුවෙන් ගෙවා ඇති මුළු මුදල 13,432,159.00 කි. මේ අතරින් වැඩිම මාසික බිලක් ගෙවා ඇත්තේ විදුලි ගිණුම් අංක අංක 4270001461 යටතේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙනුවෙන් ලබාගෙන ඇති විදුලිය සැපයුම වෙනුවෙනි. ඒ වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ගෙවා ඇති විදුලි බිල රුපියල් 12,852,215. 92 කි.

මැයි සිට ඔක්තෝබර් දක්වා පාර්ලිමේන්තු සංකීරණයේ විදුලි සැපයුම් 12 වෙනුවෙන් ගෙවා ඇති මුළු මුදල රුපියල් 79,973,295.63 කි. එම මුදල වාර්තාවන්නේ පිංනියර පිවිසුම් ගොඩනැගිල්ල,මාදිවෙල වීධි ලාම්පු සහ පිංනියර ආරක්ෂක කාර්‍යාලයේ සැප්තැම්බර්, ඔක්තෝබ‍ර් විදුලිබිල් නොමතිවය. ඊට හේතුව එම බිල්පත් තවමත් (10/12/2023) ලැබී නොතිබීමය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ගොඩනැගිළි ආදියට අමතරව කථානායක නිළ නිවස, අනුරාධපුර මෙත්සෙවන නිවාඩු නිකේතනය, නුවරඑළිය සෙන්පති නිවස, මාදිවෙල තනිකඩ පොලිස් භට නිවස, මාදිවෙල මළාපවාහන පොම්පය, මාදිවෙල ජල ටැංකිය, මාදිවෙල විදුලි ලාම්පු, ජයන්තිපුර වාහන සහ නිළධාරී පිරික්සුම් ඒකකය යන ස්ථාන වෙනුවෙන් ලබාගෙන ඇති විදුලි සබඳතාවන්ද ගෙවනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි.

මීට අමතරව මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඇති නිවාස 120 න් 109 ක මන්ත්‍රීවරුන් පදිංචිව සිටිනා අතර එම නිවාස වල බිල්පත්ද පාර්ලිමේන්තුව වීසින් ගෙවනු ලබන අතර එම මුදල් මන්ත්‍රි වැටුපෙන් අඩුකර ගනී. මේ වන විට කිසිවෙක් පදිංචිව නැති නිවාස වල විදුලිබිල පාර්ලිමේන්තුව විසින් ගෙවනු ලැබේ.

මෙතරම් දැවැන්ත විදුලි පිරිවවැයක් දැරූවද පාර්ලිමේන්තු සංකීර්ණය තුළ හෝ ඉන් පිටත පිහිටා ඇති සැපයුම් වෙනුවෙන් සූර්ය බලය හෝ වෙනත් කිසිදු පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයක් භාවිත නොකිරිම විශේසත්වයකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!