පාර්ලිමේන්තුව තුළ කාන්තාවන්ට ලිංගික අතවර සිදුකිරීම ගැන හොයන්නට CID යට පවරයි

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරියන්ට දිගින් දිගටම ලිංගික අතවර සිදුවන බවටත් ඒ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදුකර ක්‍රියාමාර්ග නොගන්නා බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පැවසුවාය.

නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරිය අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව තුළ විනය කඩකිරීම් සම්බන්ධයෙන් මෙවැනි සිද්ධීන් වාර්තා වන විට ඊට අදාළ පරීක්ෂණ කථානායකවරයාගේ මඟපෙන්වීම යටතේ ඉතා අපක්ෂපාතීව සිදුකරන බවය .

සේවිකාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වුව ද ඒ සම්බන්ධයෙන් පත්කළ අභ්‍යන්තර කමිටුව ඉතා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ බවත්, පරීක්ෂණ වාර්තාව මේ වනවිට ඇය වෙත භාරදී ඇති බවත් මහලේකම්වරයා සඳහන් ක‍රන්නීය . තවද, ඊට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බවත්, ඒ අනුව ඊට අදාළ පියවර කඩිනමින් ගන්නා බවත් ඇය පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!