මෑතකදී ඉන්ධන මිලේ සිදුවූ ඉහළ යාම බේකරි කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතිබව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.
මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ඔහු පැවසූවේ ෛහළ යමින් පවතින තෙල් මිල හමුවේ කර්මාන්තය රැක ගනු වස් කඩිනම් මිල ගැලපීමක් අවශ්‍ය බවය. ඒ අනුව අද දිනයේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බවත්, අද පෙරවරුවේ පවත්වන සාකච්චාවකින් අනතුරුව සංශෝධිත මිලගණන් ප්‍රකාශයට පත්කරනා බවත් ය .