පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රැකගැනීමට බෑ. රජය කියයි

රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ ආයතන රැකගැනීමට මහා භාණ්ඩාගරයට තවදුරටත් හැකියාව නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කරගන්නා ලද මුදල් එකී ආයතන නඩත්තුව සඳහා වෙන් කිරීමට වන බවත්, මේ හේතුවෙන් ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බවත්, මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

“උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39 ක් ලාභ ලබනවා. අනෙක් රාජ්‍ය ආයතන 13 ක්‍රියාත්මක වන්නේ පාඩු ලබමින්. එලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන 13 හි අලාභය රුපියල් බිලියන 1,029 ක් වනවා. එහෙත් ලාභ ලබන ආයතන 39 හි ලාභය රුපියල් බිලියන 218 ක්” වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේය.

සමස්ථයක් වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811 කට අධිකයි. ලාභ ලබන ආයතන විසින් රුපියල් මිලියන 28 ක් පමණක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අයබදු වශයෙන් ගෙවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *