ප්ලාස්ටික් නිෂ්පාදන තහනමේ ගැසට්ටුව අද නිකුත් වෙයි

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කිරීමට නියමිතව තිබේ.
අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

එම ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු ජුනි 1වන දා සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනයට අදාළ තහනම බලපැවැත් වේ.

ඒ අනුව ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග ආනයනය තහනම් වන අතරම, යෝගට් කෝප්ප හැර එක් වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, කෘතිම මල්, කොළ සහ පළතුරු ආදියද ආනයනය තහනම් කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *