ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක්

අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්විය.ඒ අයලන්තය සමඟ දැන් පැවැත්වෙන ටෙස්ට් තරඟයේදීයි.

ප්‍රභාත් ජයසූරිය මෙම ලෝක වාර්තාව බිහි කළේ ටෙස්ට් තරඟ 7කින් කඩුලු 50ක් දවා ගනිමින්. ඔහු විසින් මෙලෙස බිඳ දමන්නේ වසර 71ක් පැරණි ක්‍රිකට් වාර්තාවක් වීමද විශේෂත්වයක්.

එමෙන්ම, ප්‍රභාත් ජයසූරිය අද තවත් වාර්තාවක් බිහි කළාය.

ඒ, අඩුම තරඟ සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙළූ පළමු ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් වෙමින්. ඔහු මෙලෙස බිඳ හෙලුවේ තරඟ 11කින් ටෙස්ට් කඩුලු 50ක් බිඳ හෙලූ දිල්රුවන් පෙරේරා පිහිටුවා තිබූ වාර්තාවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *