ප්‍රන්ස වයින් සහ ෂැම්පේන් සඳහා ට්‍රම්ප් ගෙන් 200% ක බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවන බවට තර්ජනය කර තිබේ.

මෙය, ගෝලීය ගැටුම් විසඳීම අරමුණු කරගත් ජනපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සහාය ලබා ගැනීමට සිදුකරණ උත්සහයක් බව පැවසේ.

තම උත්සහයට සහය දක්වන්නැයි ඇමාරිකානු ජනාධිපතිවරයා කළ යෝජනාව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමට යනබව සැලවීමත් සමඟ ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ නව බද්ද ගැන පවසා ඇති බව විදේස් මාධ්‍ය පවසයි.

“මම ඔහුගේ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පනවනවා, ඔහු එවිට එක්වනු ඇති, නමුත් ඔහු එක්විය යුතුතමත් නෑ” යනුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍යයට පවසා ඇත.

2024 දී ප්‍රංශය විසින් අමෙරිකාවට අපනයනය කළ වයින් සහ ස්ප්‍රීතු වල මුළු වටිනාමක යුරෝ බිලියන 3.8 ඉක්මවයි .