ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීම්

හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පුද්ගයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ.

අදාළ පුද්ගලයා සිය නිවසේ සිටියදී නාඳුනන පුද්ලගයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවත් වෙඩි වැඳීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේන බවත් පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 46 හැවිරිදි හෝමාගම, නියඳගල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

එමෙන්ම ගාල්ල කොස්ගොඩ ඉද්දරුව ප්‍රදේශයේද අද (21) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබුණි.

අද උදෑසන 6ට පමණ එම ප්‍රදේශයේ පදිංචි විජිත් හෙවත් “රන් මහත්තයා” නමැත්තා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ඔහුගේ නිවස ඉදිරි පිටදීය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් 52 හැවිරිදි විජිත් නමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *