ප්‍රකාශ පරස්පර නිසා උඩ දියළුම අලි ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්.

උඩදියලුම ප්‍රදේශයේ දී වල් අලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මරණකාරියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙම මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබූ අතර රාත්‍රියේ එම යුවළට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්විය. එහිදී තරුණයාද තුවාල ලබා රෝහල් ගතකරන ලද මුත් ඔහු ලබදුන් ප්‍රකාශ පරස්පර වීම නිසා කොස්ලන්ද පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදි .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *