පළාත් පාලන මැතිවරණය දෙවන වරටත් කල් දමයි

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත එකී ඡන්ද විමසීම මෙම මස 25 වනදා පැවැත්වීමේ හැකියවක් නැති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇතැයි එම කොමිසම සිය නිවේදනයේ වැඩි දුරට්ටහ් සඳහන් කරයි.

එබැවින් අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත දිනය තීරණය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

කෙසේවෙතත් මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සඳහා ගත් සියලුම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගනු ලබන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් නිලුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *