පස්සර ජාතික පාසලේ සිසුන් 73ක් බඹර ප්‍රහාරයකින් රෝහලේ

පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා පෙරහුරුවේදී අද (20) එල්ල වූ බඹර ප්‍රහාරයකින් පාසල් සිසු සිසුවියන් 73ක් තුවාල ලබා පස්සර රෝහලට ඇතුලත් කළ බව පස්සර පොලීසිය පැවසීය.

මෙම සිසුන්ගෙන් සිසුන් 18ක් දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් සෙසු සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් නිවෙස්කරා පිටවී ගිය බවද පස්සර පොලීසිය තවදුරත් පැවසීය.

පස්සර ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වීමට මේ දිනවල කටයුතු සූදානම් කරමින් පවතින අතර අද (20) එහි පෙරහුර වැඩසටහනක් පස්සර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!