පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කෙරේ

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්ව ඇති දිවයින පුරා පිහිටි ජල මූලාශ්‍ර සහ ජල පෝෂක පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම් කැබලි 362ක් පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව එහි සභාපති සුපුන් පතිරගේ පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “ජූනි මාසයට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන තිබෙන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දුෂණයට ලක්වෙලා තියෙන ජල මුලාශ්‍ර හා ජල පෝෂක ප්‍රදේශ රැකගැනීම උදෙසා මේ වසරේ දී පුළුවන්කම ලැබෙනවා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ගැසට් කරන්න. අපි මේ වනවිට ලංකාව පුරා පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක් ගැසට් කරලා තියෙනවා. මේකෙන් 6ක්ම ජල පෝෂක ප්‍රදේශ. ඒවා රැක ගැනීම සඳහා කරතිබෙන්නේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ඉඩම්වල පිහිටි ජල මුලාශ්‍ර රක්ෂිත ඉඩම් කැබලි 362ක් ජාතික පරිසර පනත යටතේ හාලිඇළ ජල මුලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂණ පනත ප්‍රදේශය ලෙස නම් කර ගැසට් පත්‍රයක් නිකුත් කළා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *