පරාජයේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගනී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ වගකීම තමා ඇතුළු කණ්ඩායම භාරගන්නා බව වනිඳු හසරංග නෙදර්ලන්ත තරගයෙන් පසුව සඳහන් කළා.

“මේ තරගය ජයග්‍රහණය කරනකොට අපි පරක්කු වැඩියි. ගිය ලෝක කුසලානෙත් මේ ලෝක කුසලානෙත් අපි අපේ අඩුපාඩු ගැන කතා කළා. තවමත් අපි ඒවා හදාගෙන නැහැ. පරාජය වුණාම අපිට තණතීරුවලට සහ විවිධ දේවල්වලට කතන්දර කියන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ක්‍රිකටස්ලා විදිහට ඒක අපිට හොඳ නැති දෙයක්. අනිත් රටේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්නෙත් ඒ තණතීරුවේ. ඒ නිසා අපිත් හැඩගැහෙන්න ඕනේ. කණ්ඩායමක් විදිහට සහ නායකයා විදිහට සම්පූර්ණ වගකීම මම ඇතුළු කණ්ඩායම භාරගන්නවා.” යනුවෙන් වනිදු කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!