අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා හෙට දක්වා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා කොට්ටාවේදී ඊයේ (16) පස්වරුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කෙසේවෙතත් ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කරන්දෙණියේ සුද්දාගේ උපදෙස් මත ඩුබායි නිපුන හා මල්වානේ ටුටූ නැමැත්තන් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවය.
මේ අතර අදාළ සොහොයුරන් දෙදෙනා විසින් අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැල අසල රැඳී සිටි වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදෙන අයුරු ඇතුළත් CCTV රූපරාමු පෙළක් ද මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇත.
එහි දැක්වෙන්නේ අත්අඩංගුවට පත් වූ එක් තරුණයෙකු විසින් ඔවුන් පැමිණ මෝටර් රථයෙන් බෑගයක් රැගෙනවිත් වෙඩික්කරුවන් රැඳී සිටි මෝටර් රථයට ලබාදෙන අයුරුය.
අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් හෝකන්දර දෙසට යන ආකාරය ද එහි දැක්වේ.