නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීම්

නිල්වලා ගඟ දෝණියේ පහත් ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිල්වලා ගංඟා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවය.

ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රදේශවල නිල්වලා ගග පිටාර තැන්නට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!