එපා කියූ හෙලිකොප්ටර් ජනාධිපතිට ඕනෑ වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේට (15) යෙදුන තෛපොංගල් දින සැමරුම් සඳහා සහභාගී වීමට උතුරු පළාතේ සංචාරයක නිරත විය . ජනාධිපතිවරයා එහිදී යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවැත්වුන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහාද සහභාගී විය.

එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහාද ජනපතිවරයා සහභාගි විය .

උතුරේ සංචාරය නිමකරමින් අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹට පමිණි අතර ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රභූ ප්‍රවාහනය සඳහා යොදාගන්නා බෙල් 212 වර්ගයේ හෙලිකොප්‍ටරයක් යොදාගෙන තිබුනි .

ජනාධිපතිවරුන්ගේ ගමන් සඳහා හෙලිකොප්ටර් යොදවාගැනීම ජනාධිපතිවරණය සහ මැතිවරණ සමයේදී ජාතික ජනබලවේගය විසින් දැඩි විවේචනයට ලක් කරනා ලදි . වත්මන් ජනධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳ සිය විරෝධතාවය දක්වා ඇත.