නිපා වෛරසය ගැන සෞඛ්‍ය අංශ අවධානයෙන්. පරීක්ෂණ කට්ටලත් ඇණවුම් කරයි.

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *