නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

බෞද්ධයින්ගේ වැදගත් පොහොය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහොය අදට (30) යෙදී තිබේ. ඓතිහාසික වශයෙන් මෙන්ම බෞද්ධ ශාසනික වශයෙන් ද බොහෝ වැදගත් සිදුවීම් මෙම පොහොය දිනය දිනයේ සිදු වී ඇත.

ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය වීම නිකිනි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිනි පොහොය දිනයේ සිදුවු වැදගත් සිදුවීම් අතර මුලික වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *