නැවත රනිල් විරෝධි බලවේගයක් හදන්න විපක්ෂයට බෑ

ජනධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය රටම පිළිගෙන අවසන් බවත්, එබැවින් අද වන විට රට තුළ රනිල් විරෝධි බලවේගයක් බිහි කළ නොහැකි තැනට රට පත්ව ඇති බවත් ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

මෙරට ජනතාව මරණයේ එලිපත්තේ සිටියදී බේරා ගැනීමට සිටි එකම මිනිසා රනිල් වික්‍රමසිංහ බව ජනතාව බව දන්නා බවද ඔහු පැවසීය. ඇහැලියගොඩ දී පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එම හමුව අමතමින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණයේ දී සියලු පක්ෂ එක් කරගත් පොදු සන්ධානයක් බිහි කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *