අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා නැගෙනහිර පළාතේ වෛද්‍යරු සිදුකළ වර්ජනය අද නැවත ආරම්භ කර ඇත.
තෛපොංගල් උත්සවය හේතුවෙන් මෙම වර්ජනය තාවකාලිකව අත්හිටවූ අතර තවමත් තම ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස නැවතත් වර්ජනය ආරම්බ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ.