තංගල්ල කාල්ටන් නිවසේදී 2014 අප්‍රේල් 9 වැනි දින පැවැත්වූ නාමල් රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති පිරිත් දේශනා සහ කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවය වෙනුවෙන් රුපියල් 666,000ක් ජනාධිපති අරමුදලින් වියදම් කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි .
විශේෂයෙන් ජනාධිපති අරමුදල මින් පෙර පුද්ගලික හා දේශපාලනමය කටයුතු සඳහා මුදල් අවභාවිත කළ ආකාරය සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදී කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය .
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය සංවර්ධන හා පුනරාවර්තන කටයුතු සඳහා ප්‍රාග්ධන වියදම් වැඩි කරන විට, විපක්ෂය එය විවේචනය කළද, පෙර ජනාධිපතිවරුන් මුදල් වැඩි කළේ “රට සවාරි ගිහිල්ලා නාස්ති කරලා පෞද්ගලිකව ජීවත් වෙන” අරමුණින් බවයි.
උදාහරණ කිහිපයක් දක්වමින් කරුණු දක්වූ ඔහු 2013 වසරේදී හිමි නමකට පූජා භාණ්ඩ මිලදී ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අරමුදලින් රුපියල් 65,000ක් වැය කර ඇති බවත් 2014 වසරේදී ස්වාමීන් වහන්සේලාට පූජා කිරීම සඳහා මහජන මුදලින් රුපියල් 356,000ක් වටිනා අටපිරිකර මිලදී ගෙන ඇති බවත් හර්ෂණ නානායක්කාර අවධාරණය කළා.
“කොටින්ම කියනවා නම් මහජන මුදල් වලින් තමයි මෙයාලා පින් කරලා තියෙන්නේ. නිවන් යන්න බලන්නේ මහජන සල්ලි වියදම් කරලා ඒකෙන් පින් කරන්න. ඉස්සර වුණේ මේකයි.” ඔහු පැවසීය