නව ත්‍රස්ත විරෝධී පනත ගැන යුරෝපා සංගමයේ නියෝජිතයන්ට කරුණු පහදයි

නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී පවති බව වාර්තා වෙයි .

මෙම පනත් කෙටුම්පත සඳහා මහජන අදහස් හා යෝජනා අමාත්‍යාංශයේ ලේකම් වෙත පෙබරවාරි මස 28 වනදා දක්වා යොමු කළ හැකි බවත්, එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීය ලෙස සළකා බැලීමෙන් අනතුරුව නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන බවත් යුරෝපා සංගමයේ නියෝජිතයින්ට අමාතයවරයා පහදා දී ඇත.

ඊයේ (10) පැවති මෙම සාකච්ඡාව සඳහා යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා Paola Pampaloni, ඇතුළු ඉහළ පෙලේ නිළධාරීන් රැසක් සහභාගී විය .