පසුගියදා සිදුකළ කැබිනට් සංශෝධනයට අදාලව අමාත්‍යාංශ කිහිපයකට අයත් විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සංශෝධනය කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා ත්‍රී පෝෂ සංස්ථාව වෙලඳ හා වාණිජ අමාත්‍යංශයට එක් කර ඇත.
මෙකී අංශෝධනයන්ට අදාලව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ඔක්තෝබර් 18 වන දිනැති, 2458/65 අංක දරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.