දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි . බැංකු EPF/ETF සඳහා බලපෑමක් නෑ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර බැංකු පද්ධතියට බලපෑමක් නොවනා ලෙසට බව බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති සියළු බැඳුම්කර හා EPF/ETF ඇතුළු අරමුදල් මිලදී ගෙන ඇති බැඳුම්කර වෙනුවෙන් නව පොළී අනුපාතිකයකට යටත්ව නව බැඳුම්කර නිකුත් කිරීමට නියමිත බව ඔහු පැවසීය

අලුතින් නිකුත් කෙරෙන බැඳුම්කර වලට 2025 දක්වා 12% ක පොලී අනුපාතිකයක් ගෙවන අතර ඉන්පසුව 9% ක පොලී අනුපාතිකයක් ලබාදෙන බවද මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය . යම් අරමුදලක් ඒ සඳහා එකඟ නොවේනම් එම අරමුදල් වලින් 30%ක බද්දක් අය කිරීමට යෝජිතය.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ තුළින් EPF/ETF අරමුදල් වල සාමාජිකයනට මුදල් ලබාගැනීමට ගැටලුවක් ඇති නොවන බවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.

අද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *