ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටී .
විශේෂ ලිපියක් යොමුකරමින් එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත . රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිධ භාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට විගණකාධිපතිවරයාගේ පත්වීම අත්‍යවශ්‍ය බව එම සංගමය කියා සිටී .
ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන ක්ෂේත්රයේ ප්රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති ව්‍යවස්ථාදායක සභාවේ පොදු එකගතාවය දිනාගත හැකි පුද්ගලයෙකු පත් කළ යුතු බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර නිලධාරියෙකු පත්නොකර නැත .