ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාභය (PBT)වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාභයක් සමඟින් මේ දක්වා සමාගම විසින් වාර්තා කර ඇති සාර්ථකම මූල්‍ය කාර්යසාධනය වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 122% ක දැවැන්ත වර්ධනයකි. AMF සමාගමේ බදු පසු ලාභය 136% කින් වර්ධනය වෙමින්, රුපියල් මිලියන 750 ක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම සාර්ථක ප්‍රථිඵල, අනාගතය ඉලක්ක කරගත් මූල්‍ය ආයතනයක් වශයෙන් AMF සමාගමේ අඛණ්ඩ වර්ධනය ඉදිරියටත් තහවුරු කරයි.
උපායමාර්ගික දැක්ම, සවිමත් නායකත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් හරහා සියළු ශ්‍රී ලාංකිකයින් හට සවියක් වීම ඉලක්ක කරගත් AMFසමාගමල දීර්ඝ කාලයක් පුරා ඒ වෙනුවෙන් පරිවර්තනීය ගමනක නියැලුණු සමාගමකි. සාර්ථක සැළසුම් සකස් කිරීම මෙන්ම සැළසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කෙරෙහි වඩා වැඩි අවධානයක් යොමු කළ AMF සමාගම, මූල්‍ය වාතාවරණයේ ඇති අවිනිශ්චිතතාවය බාධාවක් කරගනු වෙනුවට එයින් පන්නරය ලබා, අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ මහතා මෙසේ පැවසීය “ගෙවුණු වසර අපගේ නොසැලෙන අධීෂ්ඨානය සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂාවට භාජනය කළ වසරක්. පසුගිය වසර තුළ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා මෙවැනි දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකි වුයේ සැළසුම් නිර්මාණයට මෙන්ම එම සැළසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමටත් අපට ඇති හැකියාව නිසයි. AMF සමාගමේ සේවකයින් සහ හවුල්කරුවන් ඇතුළු සියළුම පාර්ශවකරුවන්, එකම කණ්ඩායමක් වශයෙන් විදහා දැක්වූ විනය සහ එකමුතුකම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම විශ්වාසය මත, ඉදිරියටත් අඛණ්ඩවම සාර්ථක ඉදිරි ගමනක නියැලීමට හැකි බව අපගේ විශ්වාසයයි.”
2024/25 මූල්‍ය වර්ෂය සඳහා AMF සමාගම විසින් වාර්තා කළ විශිෂ්ට මූල්‍ය ප්‍රථීඵල අතර කැපී පෙනෙන වාර්තාවන් ගණනාවක් වන අතර එයින් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 3.28 ක් දක්වා 53% කින් වර්ධනය වීම, 12% කින් පොලී ආදායම ඉහළ යාම සහ 19% කින් පොලී වියදම් අඩු වී තිබීම ඊට මූලික වශයෙන් හේතුසාධක වී ඇත. සමාගමේ ණය කළඹ 23% ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 13.61 දක්වා වර්ධනය වී තිබූ අතර සමස්ත වත්කම්වල වටිනාකම 10% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 21.17 ක් දක්වා වර්ධනය වී ඇත. ජනතාව විසින් සමාගම කෙරෙහි තබා ඇති සවිමත් විශ්වාසය තවදුරටත් වර්ධනය වන බව පෙන්නුම් කරමින්, මහජන තැන්පතු 7%කින්, එනම් රුපියල් බිලියන 15.55 ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම කොටස් හිමිකරුවන්ගේ අරමුදල 22% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 3.97 ක් දක්වා වර්ධනය වී ඇත.
AMF සමාගමේ මෙහෙයුම් ලාභදායීතාවය සහ කාර්යක්ෂමතාවය විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර සාමාන්‍ය වත්කම් ප්‍රතිලාභය (ROA)8.78% ක් ලෙසින්ද හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 20.81% ක් දක්වා ද දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබීම ඊට මනා උදාහරණ වේ. ශුද්ධ පොලී අනුපාතය (NIM) 16.21% ක් වශයෙන් ශක්තිමත් තත්ත්වයක් වාර්තා කර ඇත. 36.7%ක සුවිශේෂී කාර්යක්ෂමතා අනුපාතයක් හා 40.8%ක හානිකරණ ගලපන ලද කාර්යක්ෂමතා අනුපාතයක් ළඟා කරගැනීම ආයතනය විසින් ළඟා කර ගත් සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම අගයන් කර්මාන්තයෙහි සාමාන්‍ය අගයන්ට වඩා වැඩිවීම AMF හි සුවිශේෂී මෙහෙයුම් කාර්ය සාධනය තහවුරු කරයි.
AMF සමාගම සාර්ථක ප්‍රාග්ධන ස්ථාවරයක් පවත්වා ගැනීමට සමත් වී ඇති අතර සමාගමේ පළමු මට්ටමේ ප්‍රාග්ධන අනුපාතය (Tier I Capital Ratio) 18.96% ක් වශයෙන් ද සමස්ත ප්‍රාග්ධන අනුපාතය (දෙවැනි මට්ටම) (Total Capital Ratio-Tier II) 19.24% ක් වශයෙන්ද වාර්තා කර ඇත. එම අනුපාතයන් නියාමනය කර ඇති අවම සීමාවන් වන 8.5% ක සහ 12.5% ක මට්ටමට වඩා ඉතා ඉහළින් පැවතීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.
සමාගමේ ද්‍රවශීලතාවය මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් සවිමත් අගයන් වාර්තා කර ඇති අතර ද්‍රවශීල වත්කම් සහ කෙටිකාලීන වගවීම් 87.67% ක් වශයෙන්ද, ද්‍රවශීල වත්කම් සහ බාහිර අරමුදල් 37.71% ක් වශයෙන්ද, ද්‍රවශීල වත්කම් සහ සමස්ත වත්කම් 27.10% ක් වශයෙන්ද වාර්තා වී තිබේ.
කොටස් හිමිකරුවන් වෙනුවෙන් අඛණ්ඩවම වටිනාකම් නිර්මාණය කිරීමට AMF සමාගම සමත් වී ඇත. ඒ අනුව කොටසකට හිමි ඉපැයුම දෙගුණයක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් 6.62 ක් දක්වා වර්ධනය වී ඇති අතර කොටසක ශුද්ධ වත්කම් වටිනාකම (NAV) රුපියල් 35.01 ක් දක්වා වර්ධනය වී ඇත. මෙලෙස අවදානම් සහ මූල්‍ය පැතිකඩ යහපත් අතට අඛණ්ඩවම වර්ධනය වීම නිසා ලංකා රේටින්ග් සමාගම විසින් AMFසමාගමේ ණය ශ්‍රේණිගත කිරීම BB (Stable) ඉහළ නංවා තිබීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
සමාගමේ ඉහළ මූල්‍ය ප්‍රථිඵල පිළිබඳව අදහස් දක්වමින් AMF සභාපති, සුරේන් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය, “මේ වසරේ අපි අත්පත් කරගත් මූල්‍ය සාර්ථකත්වය, අපගේ මූල්‍ය ශක්තිය පමණක් නොව සමාගමේ උපායමාර්ගික දැක්ම අත්පත් කරගැනීම සඳහා නොසැලෙන අධීෂ්ඨානයෙන් සහ කැපවීමෙන් යුතුව අපි සියළු දෙනා දැරූ උත්සාහයත් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් සාර්ථකව පසු කරමින් සිටින අවස්ථාවක, දේශයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටට සහ ආඩම්බරයට පත් වෙනවා”.
1962 වසරේදී ආරම්භ කරන ලද AMF සමාගම යතුරුපැදි සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ පුරෝගාමියෙක් වන අතර ආරම්භයේදී ශාඛා රහිත, කාර්යක්ෂම ක්‍රමවේදයක් හරහා මූල්‍ය සේවාවන් සැපයීම සිදු කෙරිණි. 2021 වසරේදී, දිවයිනේ පැරණිතම මූල්‍ය සමාගමක් වන ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම සමඟ ඒකාබද්ධ වෙමින් ඉතා සවිමත් ප්‍රාග්ධන පදනමක් සහ පුළුල් සේවා පරාසයක් දක්වා වර්ධනය වූ AMF සමාගම, වර්තමානයේදී උපායමාර්ගිකව ස්ථානගත කෙරුණු ශාඛා 12 ක් සමගින් ක්‍රියාත්මක වේ. ඊට අමතරව AMF සමාගම නවීන තාක්ෂණික මූල්‍ය විසඳුම් වෙනුවෙන් ආයෝජනය කර ඇති අතර දශක ගණනාවක විශ්වාසය, නව තාක්ෂණය සමඟ මුසු කර දිවයින පුරා, ශීඝ්‍රයෙන් වර්ධනය වන ගනුදෙනුකරුවන් පිරිසට විශිෂ්ට සේවයක් සැපයීම වෙනුවෙන් අඛණ්ඩවම නව තාක්ෂණික විසඳුම් වෙනුවෙන් ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම පසුගිය දශකයක කාලය පුරා ඩිජිටල් තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට AMF සමාගම කටයුතු කළ අතර එය ව්‍යාපාර ක්‍රියාවලීන් ඩිජිටල් ක්‍රමයට මාරු කිරීමෙන් ආරම්භ වී, පසුව මූලික තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහය යාවත්කාලීන කිරීමත්, ව්‍යාපාර සම්පත් සැළසුම්කරණ පද්ධති ස්ථාපනය කිරීම හරහා දත්ත කළමනාකරණය සහ අභ්‍යන්තර කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමත් දක්වා ව්‍යාප්ත කිරීමට සමාගම කටයුතු කර ඇත. ඉදිරියටත් ඩිජිටල්කරණය කෙරෙහි දක්වන සැළකිල්ල අඛණ්ඩවම පවත්වා ගෙන යමින්, මූල්‍ය අන්තර්ග්‍රහණය සහ තිරසාර සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වීම AMF සමාගමේ අපේක්ෂාවයි.
පසුගිය මූල්‍ය වර්ෂය තුළ අත්පත් කරගත් සාර්ථක ප්‍රථිඵල අඛණ්ඩවම ඉදිරියට ගෙන යාම සඳහා රුපියල් බිලියන 1.25 ක බැඳුම්කර නිකුතුවක් (Listed Rated Unsecured Subordinated Redeemable High-Yield Bonds) සඳහා AMF සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. අදාළ නියාමන ආයතනවල නිසි අවසර හිමි වීමෙන් පසුව මෙම බැඳුම්කර කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත කිරීමට නියමිතය.
AMF සමාගමේ සභාපති සුරේන් ගුණවර්ධන සහ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී මර්වින් සලේ යන මහත්වරුන්ට අමතරව උප සභාපති – නාලත දයාවංශ, ශමල්කා දයාවංශ, ෂනිල් දයාවංශ, නිලංක පීරිස්, රනිල් විජේගුණවර්ධන සහ ටෞචිර කණ්ඩම්බි යන මහත්වරුන් AMFඅධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරති.