දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව ලංකාවේදී

දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව 2024 ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ දින 05කින් සමන්විතව කොළඹදී පැවැත්වීම සදහා සංචාරක හා ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික සංවර්ධන කාර්යයන්හිදී දුරස්ථ ග්‍රහණ තාක්ෂණයේ (Remote Sensing Technology) වැදගත්කම සැලකිල්ලට ගනිමින් ආසියානු-පැසිෆික් කලාපයේ රටවල් විසින් දුරස්ථ ග්‍රහණය පිළිබඳ ආසියානු සංවිධානය පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාව ද ආරම්භක සාමාජිකයෙකු වන මෙම සංවිධානය සාමාජික කණ්ඩායම් ගණනාවකින් එනම්, පොදු සාමාජිකයින්, ආශ්‍රිත සාමාජිකයින් සහ තිරසර සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *