සේවා තහනමට ලක්ව සිටින අල්ලස් කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
2019 සැප්තැම්බර මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දුරකථන සංවාදයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇයගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු ලබා දී ඇත.
2021 වසරේ මොරටුව විශ්වවිද්‍යාලය හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් හෙළිවූයේ එම හඩපටයේ සම්පූර්ණ දුරකතන සංවාදයම විකෘති කිරීමට සංස්කරණය කර ඇති බවයි.
දැනට විශ්‍රාම ගොස් සිටින දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ හිඟ වැටුප් සහ අවශ්‍ය වරප්‍රසාද ඉදිරියේදී ලබාදීමට නියමිත බවද වාර්තා වනවා