දින 37 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තියනවා

මැදපෙරදිග ඇතිවෙමින් තිබෙනා යුධ වාතාවරණය හමුවේ මේවන විට ශ්‍රී ලංකාවේ බොහෝ පලාත්වල ඉන්ධන ලබාගනීම සඳහා දැඩි පෝලිම් ඇතිව තිබෙනා බව අප වාර්තා කරුවෝ පවසති .

එහෙත් ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනුයේ මේ වනවිට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් ඇති බැවින් පාරිභෝගිකයන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතිබවයි .

එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ, අද ඉරිදා දිනයක් වුවත් අද දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර හෙටට යෙදී ඇති පෙහොය දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.